Fly high Get bonus Aviator Phone

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට පියවර

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස  අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී  විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැදවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කෙරුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.

එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් කළා.

මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් කළා.

කෙසේ වෙතත්   ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට(28) දින කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා

 ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?