විවිධ රටවලින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදවලට ලැබුණු අලුත් නම්

ලොව නොයෙක් රටවලින් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ එම වෛරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම එම රටට අපකීර්තියක් එක් කරන බවට වන මතය වෙනස් කිරීමට සහ එම වෛරස ප්‍රභේද හැඳින්වීම පහසු කරලීම සඳහායි

මේ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙස ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසද, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙස ද නම් කර තිබෙනවා.

නව වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවට පත්නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කෙර්කොව් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?