විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවීමට පැමිණ සිටි අතර ඉන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
”එන සතියේ අපි උසාවි යනවා, අපි කිසිම සැකයකින් තොරව ශ්රේෂධිකරණයට ඒත්තු ගන්නනවා, මේ කරන්න හදන වැඩෙන් නීතියේ ප්රමදයම සම්බන්ධයෙන් කිසිම විසඳුමක් මේ තුළින් වෙන්නේ නැහැ කියලා”, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියා.













