මේ වන විට හොර්මුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු හමුදාවන්ගේ පූර්ණ පාලනය යටතේ පවතින බව අමෙරිකානු ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මේරිලන්ඩ් හි පිහිටි ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේ දී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව පවසා සිටියා.
“ඉරානය සම්බන්ධ කටයුතු ඉතාම හොඳින් සිදුවෙමින් පවතිනවා. හොර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව අපට පූර්ණ පාලනයක් තිබෙනවා. ඒ පිළිබඳ පාලනය ඇත්තේ අප සතුව පමණයි; වෙන කිසිවෙකු සතුව නොවෙයි. අපගේ නාවික හමුදාව අතිවිශිෂ්ටයි, ඒ වගේම අපේ රටටත් සියල්ල ඉතා හොඳින් සිදුවෙමින් පවතිනවා,” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
“මම ඉරානය විශ්වාස කරන්නේ නැහැ. ඉරානය විශ්වාස කළ අවසාන පුද්ගලයා මමයි; ඔවුන් නිරන්තරයෙන්ම මට බොරු කියලා තියෙනවා. මේ මොහොතේ හොර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව පූර්ණ පාලනය ඇත්තේ අපටයි; ඔවුන්ට ඒ පාලනය නැහැ,” යනුවෙන් ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.













