විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන කටයුතුවලට මුදල් ආධාරයක්

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ දී අදාළ නියෝජිත ආයතවලට ප්‍රතිපූර්ණය කරනු ලබන ලියාපදිංචි ගාස්තුවලින් රුපියල් ලක්ෂ 11ක මුදලක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කටයුතු සදහා යොදා ගැනීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර වෙත් ප්‍රධානය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 500ක මුදලක් මහරගම පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා ලබාදෙන අතර එම අරමුදල සදහා මෙම මුදල ද එක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එලෙස ලබාදෙනු ලබන රුපියල් මිලියන 500ක මුදලකින් මිලියන 100ක මුදලක් මේ වන විට නිකුත් කර තිබෙන අතර, ඉතිරි මුදල ඖෂධ මිලදී ගැනීමේ අවශ්‍යතාවය මත නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු සුබසාධක අරමුදල මඟින් විදේශ රැකියා සදහා පිටත්ව ගොස් නැවත පැමිණි, නොයෙක් අනතුරු හා රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 88ක මුදලක් ලබාදීමට කටයුතු කළ අතර, ඒ අවස්ථාවේදී මෙම මුදල අමාත්‍යවරයා වෙත ප්‍රදානය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44