විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

විදේශීය රටකදී නිකුත් කර ඇති වලංගු රියදුරු බලපත්‍ර මත පදනම්ව විදේශ පුරවැසියන් සඳහා හා ශ්‍රී ලංකා පුරවැසියන් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකිකයින්ට මෙරට දී මෝටර් වාහන පැදවීම සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පුළුල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

ඒ, අනුව මෙතෙක් වෙරහැර කාර්යාලයෙන් හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පමණක් නිකුත් කළ එම තාවකාලික රියදුරු බලපත්‍ර කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර, සහ යාපනය යන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වලින්ද ලබාගැනීමේ හැකියාව ඇති බවයි කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ 026.02.02 දින සිට අදාළ ප්‍රාදේශීය කාර්යාල මඟින් එම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම, විදේශ රියදුරු බලපත් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ස්ථිර රියදුරු බලපත්‍රය ලබාගැනීම සදහා බලාපොරොත්තු වන විදේශික හා ශ්‍රී ලාංකික පුවැසියන් වේරහැර රියදුරු බලපත් කාර්යාලය වෙත පැමිණිය යුතු බව ද වැඩිදුරටත් දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35