විදෙස් රටක නෞකාවක සේවයට ගිය තරුණයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට

නෞකාවක සේවයට ගිය ශ්‍රී ලාංකකයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

හොරණ,අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ චිරාත් සදරූ (21) නැමැති තරුණයෙකු ජර්මන් රටේ නැව් සමාගමක අයත් භාණ්ඩ ප්‍රවාහන නව්කාවක සේවය සඳහා ජනවාරි මස 2 වැනි දින ගොස් ඇති අතර ස්පාඤ්ඤ රටෙන් “සෙන්ටුකා බේ”නැමති නෞකාවට සේවය සඳහා එක්වී ඇති අතර පසුගිය 18 වැනි දින ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනකු පවසා ඇත්තේ චිරාන් සඳරූ මුහුදට වැටී ඇති බවත් 17 වන දින රාත්‍රි 10.00 පමණ මුහුදට වැටී ඇති අතර නැවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවත් ඔවුන් නිවසට පැමිණි පැවසූ බවත් කොටහේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පවසා තිබෙනවා.

මෙසේ 18 වන දින නැවතත් මෙම නිවැසියන්ට දුරකථනයෙන් කතාකොට ඔවුන් පවසා ඇත්තේ සදරූ සවස 2.30 පමණ මුහුදට වැටී ඇති බවත් එය දුටු බව කියන සේවකයා නැවේ කපිතාන්වරයාට මේ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම සෙවීම් කටයුතු සිදුකර ඇති බවත් ය.

එදිනම හෙට්ටියවත්තේ පිහිටි අදාළ ඒජන්සියෙන් දුරකථන ඇමතුමක් මගින් පවසා ඇත්තේ නැවේ සේවකයින් තුන්දෙනෙකු සමග බහලූම් අංක දැමීමට ගොස් නැවත පැමිණ ඇත්තේ තුන් දෙනෙකු බව නැවේ එන්ජින් එක භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇත්තේ සදරූ අතුරුදන් බවයි.

“පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් පවතිනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියල විවාහ වීමට බලාපොරොත්තු වෙන දියණියට sms එකක් මගින් එවලා තියෙනවා මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙන්නේ. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලිසියෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අතුරුදන් තරුණයාගේ පියා වන රංජිත් සිල්වා පවසයි.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51