විදුලි බිලේ ඉහළ දැමීමක් නැහැ – ඇමති කංචනගෙන් සහතිකයක්

විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසනවා.

ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ.

කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපැයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති අතර, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බව එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා නිකුත් කළ හැකි උපරිම ජලය පිළිබඳ විකල්ප අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46