සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 11 සීමාව ඉක්මවයි – වැඩිම පිරිසක් අසල්වැසි ඉන්දියාවෙන්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව ජනවාරි පළමු වනදා සිට ජුනි 21 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,104,354ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

එමෙන්ම ජුනි මාසයේ පළමු වනදා සිට 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 82,332ක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම වසරේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේ වන අතර එම සංඛ්‍යාව 279,328ක්.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම ගණන 281,418ක්.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 104,751ක් සහ රුසියාවෙන් සංචාරකයින් 76,963ක්ද මෙරටට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51