විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ඉවත දමයි

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද (17) ලබාදීම සිදු කළා.

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටියේ විදුලිබල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විෂය භාර අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි.

ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකා චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට විෂයභාර අමාත්‍යවරයාට බලයක් තිබෙන බවත් පෙන්වා දුන්නා.

දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසුව අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32