spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි අර්බුදය නිසා පැය 12 ක විදුලි කප්පාදුවක්,පාකිස්ථානයේ විදුලි ගාස්තුවත් ඉහලට

පාකිස්ථානයේ විදුලි ගාස්තු රුපියල් හතකින් වැඩි කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වනවා. එයට හේතුව වී ඇත්තේ ඛනිජ තෙල් නිෂ්පාදන මිල ඉහළ දැමීමයි.

අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා වන පරිදි මෙම මිල වැඩි කිරීම සිදු කර තිබෙන අතර පාකිස්ථානය පසුගිය බ්‍රහස්පතින්දා එරට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

දිළිඳු ජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා පවුල් මිලියන 14 කට මසකට රුපියල් 2,000 බැගින් දීමනාවක් ලබාදීමට ද පාකිස්ථාන රජය පියවර ගනු ලැබුවා.

පාකිස්ථානය තුළ දැඩි විදුලි අර්බුදයක් පවතින මෙවන් සමයක මේ වනවිට පැය 12 ක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?