විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සහ බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

පසුගිය රජයේ පුද්ගලීකරණ වැඩපිළිවෙල පරාජය කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරිත්වය තහවුරු කෙරෙන නව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වැඩකරන ජනතාවගේ සහ සැබෑ වෘත්තීය සමිතිවල වගකීම බව බලශක්ති අමාත්‍ය
කුමාර ජයකොඩි විසින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ අද (02) පැවති සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවල ඔස්සේ ක්‍රියාත්මක නවතම තත්ත්වයන්, සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවදානය යොමුව තිබුණා.

මෙම වැඩපිළිවෙල පුරාවට සේවකයින්ට ඇහුම්කන් දෙමින් මතු වූ කරුණුවලට අවදානය යොමු කරමින් ක්‍රියාකළ බව ද ඉදිරියට ද මේ තත්ත්වය පවත්වාගෙන යාමට අපේක්ෂාව කරන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

සමස්ථ වැඩපිළිවෙල තුළ විධිමත් හා කාර්යක්ෂම තොරතුරු සන්නිවේදන ක්‍රමවේදයක් අවශ්‍ය බව වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අනත්යවරයාගේ පැවසූ බවයි වාර්තා වන්නේ.

සේවක ස්ථාන මාරු , අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල සඳහා පිහිටුවීමට නියමිත සමාගම පිළිබඳව මෙන්ම පෙර සාකච්ඡාවකදී වෘත්තීය සමිති ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කළ සාමූහික ගිවිසුමක් සඳහා අදාළ කමිටුවක් පත් කළ බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම පිණිස වෘත්තීය සමිති මට්ටමින්ද සේවකයින්ට නියමිත තොරතුරු ලබා දී සහයෝගීව කටයුතු කළ යුතු බව ද පවසා සිටියා.

තව ද මෙහි දී අදහස් දැක් වූ ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්න පවසා සිටියේ මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වැඩිම සේවකයින් ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තීය සමිතිය ලෙස මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පිළිගන්නා බව ත් සෑමවිටම වෘත්තීය සමිති හා සාකච්ඡා කරමින් මතුවන යෝජනා සැලකිල්ලට ගනිමින් ක්‍රියාකිරීම අගය කරන බවයි.

මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල , විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් සහ විදුලි වෘත්තීය සමිති බහුතරයකගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53