වහළය මත සවි කරන සූර්ය පැනල වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේදී ලබා දෙන ගාස්තු වර්තමානයට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන තාක්ෂණික කමිටුව සමග අද විදුලිබල අමාත්‍යංශයේදී සාකච්ඡා කරන ලදි.
එහිදී එම කමිටුව විවිද සංවිධාන සහ පාර්ශවකරුවන් සමග පැවති හමුවල ප්‍රගතිය සහ තාක්ෂණික යෝජනා පිළිබඳව දැනුවත් කරන ලදි.
විදුලිබල මණ්ඩලයට දරා ගත හැකි සහ අවම මුදලෙන් විදුලිය උත්පාදනයට ඉඩ සැලසෙන ලෙස සහ නිවාස ඒකක වල සහ ව්‍යාපාරවල පෞද්ගලික විදුලි පරිභෝජනය ආවරණය වන ආකාරයේ වැඩපිළිවෙලක් සහ යෝජනාවක් එළඹෙන සතියේ ලබා දීමට කටයුතු කරන බව ඔවුන් දන්වා සිටින ලදි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













