විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද – සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

වසර තිහක කුරිරු යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද (19) පස්වරුවේ පැවැත් වෙනවා.

ඒ, බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදීයි.

මෙවර විජයග්‍රහණයේ සැමරුම උත්සවය පැවැත් වෙන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් සහභාගීවීමට නියමිතයි.

ඊට අමතරව යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද මෙම සැමරුම් අවස්ථාවට එක්වනවා.

විජයග්‍රහණයේ 15 වැනි සැමරුම උත්සවය වෙනුවෙන් අද (19) පස්වරු 3.00ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව හා පිටවීම වසා තැබෙන බව පොලිසිය පවසනවා.

රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන ,පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකියි.

පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන තලවතුගොඩ, පැලවත්ත, පාලම්තුන හන්දිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව තලවතුගොඩ, කිඹුලාවල, පිටකෝට්ට හංදියෙන් ඇතුල්කොට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41