වෑන් රියක් හා ත්‍රීවීලයක් එකිනෙක ගැටෙයි – සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)

ගම්පොළ – නුවර ප්‍රධාන මාර්ගයේ ගෙලිඔය – පිටවලවත්ත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ දී වෑන් රථයක් සහ මහනුවර සිට ගම්පොළ දෙසට ධාවනය වූ ත්‍රීවීල් රථයක් මෙලෙස එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ තිබූ අධික රථ වාහන තදබදයත් සමග මෙම අනතුර සිදු ව ඇති බවත් පැවසෙනවා.

මෙම අවස්ථාවේ දී ත්‍රීවිල් රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකුට සහ වෑන් රථයේ සිටි 12 දෙනාගෙන් එක් අයෙකුට පමණක් තුවාල සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?