වෑන් රථයකින් පැමිණි පිරිසක් ලංගම බස් රථ රියදුරුට පහර දෙයි (දර්ශන සහිතයි)

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.

ඊයේ (21) පෙරවරුවේ එම බස් රථ දෙක ඉතා අනාරක්ෂිත අයුරින් මගීන් ද සමඟ ධාවනය වන අයුරු එම දර්ශනවල දැක්වේ. පෞද්ගලික බස් රථය වෙනත් කිසිදු වාහනයකට මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී මගීන් ප්‍රධාන මාර්ගයෙන් බැස්සවීමට හා නංවා ගැනීමට කටයුතු කරන ආකාරය ද එම දර්ශනවල සටහන්ව ඇත. මේ අතර, එම ලංගම බස් රථයට බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට නතර කර බසයේ රියදුරුට පසුගිය 18 වන දා පහර දී තිබු බව වාර්තා වේ. එම පහරදීම හේතුවෙන් රියදුරු 20 වන දින දක්වා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට ඊයේ (21) ගමන් කරමින් සිටිය දී මෙලෙස මාර්ගය හරස් කළ බව ලංගම බස් රථයේ රියදුරු ඩබ්ලිව්. එම්. තුෂාර ප්‍රදීප් මහතා පවසයි.

බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට පුද්ගලයින් පිරිසක් රියදුරුට පහර දෙන ආකාරයත් එම ස්ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරයත් ජංගම දුරකථනයක පටිගත කර තිබේ. මේ පිළිබඳව බකමූණ පොලීසියෙන් කළ විමසීමක දී ඔවුන් පවසා සිටියේ, මහියංගනය ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු පැමිණිල්ලක් සිදුකර රෝහල්ගත වී ඇති බවත් පෞද්ගලික බස් රථයේ රියදුරුද 18 දින පහරදීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුද බකමුණ ප්‍රදේශයේම රෝහලක ප්‍රතිකාර ලබන නිසාත් පාර්ශව දෙකෙහිම තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15