වැලිවිට සුද්දා හෙරොයින් සමඟ අත්අඩංගුවට

පෙළෙහි මත් ජාවරාම්කාර ලැයිස්තු ගත පුද්ගලයකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා  නැමැත්තා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 300 ක් සමගින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ලැයිස්තු ගත සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුනත් මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බවද පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරු රදවා ගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීම සදහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් පසුගියදා භාරයට ගත් රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත බස් රථ පහක් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් යන දේපල එලෙස අත්අඩංගුවට ගත් වැලිවිට සුද්දා නැමැත්තාට අයත් දේපළ බවට සැක කරන බවද පොලිසිය පවසයි