වැලිගම දී වෙඩි තැබීමක් – අයෙක් මරුට

නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් වැලිගම, දෙනිපිටිය පාලම අසල දී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (15) රාත්‍රී 9:45 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචි කෙලෙමිබි ආරචිචිගේ කමල් චමින්ද නැමැති 53 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය වූ ස්ථානය තිබි T56 හිස් පතොරම් කොපු 10ක් පමණ පොලිසිය සොයාගෙන තිබෙනවා.

පියා සහ පුත්‍රයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී දෙණිපිටිය පාලම අසලදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
8
+1
2
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?