වැලිගම දී වෙඩි තැබීමක් – අයෙක් මරුට

නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් වැලිගම, දෙනිපිටිය පාලම අසල දී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (15) රාත්‍රී 9:45 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචි කෙලෙමිබි ආරචිචිගේ කමල් චමින්ද නැමැති 53 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය වූ ස්ථානය තිබි T56 හිස් පතොරම් කොපු 10ක් පමණ පොලිසිය සොයාගෙන තිබෙනවා.

පියා සහ පුත්‍රයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී දෙණිපිටිය පාලම අසලදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41