Empty Ad
Empty Ad
AFC Banner

වැලිඔය ප්‍රියන්තගේ ගෝලයින් දෙදෙනා අල්ලයි – පදවිය කාන්තාවගේ ඝාතනය වැරදීමක්

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඔවුන් සන්තකයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව උණ්ඩ, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරුවන් දෙදෙනා පදවිය, බෝගහවැව ප්‍රදේශයේ දී පෙරේදා (05) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් සන්තකයේ තිබී සොයාගත් T56 වර්ගයේ ගිනි අවිය එම අපරාධය සඳහා යොදාගත් අවිය බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරුවන් දෙදෙනාගේ ඉලක්කය වී ඇත්තේ ඝාතනයට ලක් වූ 73 හැවිරිදි කාන්තාවගේ මිණිබිරිය බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම තැනැත්තිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ 73 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?