වැල්ලවායේ පැරෂුට් අනතුරකින් – පැරෂුට් භටයින් දෙදෙනෙක්ට තුවාල

වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයක් අතර සිදු වූ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.

එම කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබළුන් පිරිසකගේ විසිරයාමේ උත්සවයක් අද පැවැත් වුණේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පුහුණුව ලැබූ පැරෂුට් භටයින් විසින් ඉදිරිපත් කළ පැරෂුට් සංදර්ශනයක් අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සංදර්ශනයට එක්ව සිටි පැරෂුට් භටයින් දෙදෙනෙක් මෙලෙස අනතුරට ලක් වූ අතර, එහිදී තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රැගෙන ගියා.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38