වැඩි ආරක්ෂාවට කුඹුරේ වළදැමූ ලක්ෂ පහක් වේයො කාලා

රාජස්ථාන් හි බලෝත්‍රා දිස්ත්‍රික්කයේ ගොවියෙක් ආරක්ෂිතව තබා ගැනීම සඳහා තම කුඹුරේ වළලා තිබූ මුදල් වේයන් විසින් විනාශ කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක් අහිමි වී ඇති බව වාර්තා වනවා.

වාර්තාවලට අනුව, පච්පද්‍රා අසල නෙවායි ගම්මානයේ පදිංචිකරුවෙකු වන මංගිලාල් මේඝ්වාල් නැමැත්තා වසරකට පමණ පෙර ඉඩමක් විකිණීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක් ලැබී තිබෙනවා.

එම මුදල සොරකම් කරනු ඇතැයි බියෙන් සහ මුදල් තම පුතුන් විසින් වියදම් කරනු ඇතැයි යන කනස්සල්ලෙන්, ඔහු නිවසේ තබා ගැනීම වෙනුවට මුදල් තම කුඹුරේ සඟවා තැබීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ගොවියා මුදල් පොලිතීන් බෑගයක දමා තම ගොවිපලෙහි වළක වළලා එම මුදල් සඟවා ඇත්තේ කොහේදැයි ඔහු තම බිරිඳට හෝ දරුවන්ට පවසා නැහැ.

මාස කිහිපයකට පසු, ගොවිපලේ කාමරයක් තැනීමට මුදල් අවශ්‍ය වූ විට, ඔහු මුදල් ලබාගැනීමට ගිය නමුත් ඔහු එය වළ දැමූ ස්ථානය හරියටම මතකයේ තිබී නැහැ.

ඔහුගේ කුඹුර පුරා එම මුදල් සෙව්වත්, ඔහුට මුදල් සොයා ගැනීමට හැකි වී නැහැ.

අවසානයේ, ඔහු සැඟවුණු මුදල් ගැන ඔහුගේ පවුලේ අයට දැනුම් දී තිබෙනවා.

මුලදී, ඔවුන් ඔහුගේ කතාව විශ්වාස නොකළ නමුත් පසුව වළ දමා ඇති මුදල් සෙවීමට එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් එම මුදල් අඩංගු බාගයෝඋව්න්ට සොයා ගැනීමට හැකිව නැහැ.

වසරකට ආසන්න කාලයකට පසු, මෝසම් සමයේදී, මුදල් අඩංගු හානියට පත් බෑගයක් කුඹුරේ මතු වූ බවට මේ වනවිට වාර්තා වනවා.

පවුලේ සාමාජිකයන් එය විවෘත කළ විට, නෝට්ටු මිටිවලට වේයන් ආසාදනය වී ඇති බව ඔවුන්ට දැක ගැනීමට හැකිව තිබෙනවා.

පවුලේ අය වේයන් හානි වූ මුදල් නෝට්ටු එකතු කරගෙන, නැතිවූ මුදලින් අවම වශයෙන් කොටසක් හෝ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පච්පද්‍රා හි ඉන්දියානු රාජ්‍ය බැංකු ශාඛාව වෙත ගොස් ඇති නමුත් බැංකු නිලධාරීන් ඒවායේ තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු නෝට්ටු හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

ඉන්පසු පවුලේ අය බලෝත්‍රා හි SBI හි ප්‍රධාන ශාඛාවට ගිය නමුත් ඔවුන්ගේ එම උත්සාහයට එම ප්‍රතිඵලයම ලැබී තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08