වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙම දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විදේශගත වීමට හේතුවෙන් 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ මෙලෙස පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?