වාර්තා පොත් අලුත් කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ඨ එක්දින ජයක්

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අද (04) පැවති තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී 275ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් රිචා ගෝෂ් ලකුණු 58ක් රැස්කළ අතර,ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 37ක් රැස් කළා.

කඩුලු දවාගැනීමේ දී සුගන්දිකා කුමාරි සහ නායිකා චමරි අතපත්තු අතරේ කඩුලු 03 බැඟින් බෙදී ගියා.

අනතුරුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සාර්ථක හඹායෑමක නිරත වුණා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 56ක් රැස්කළ අතර, කවිෂා දිල්හාරි ලකුණු 35ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා අවසන් පන්දුවාර තුළ රැගෙන ගිය අනුෂ්කා සංජීවනී සහ සුගන්ධිකා කුමාරි ඉවසිලිවන්ත ඉනිම් ක්‍රීඩා කරමින් පිළිවෙලින් නොදැවී ලකුණු 23ක් සහ 19ක් රැස් කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 49යි පන්දු 01ක් තුළ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරමින් මෙම තරගය ජය ගත්තා.

මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයක දී හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මේ අතර 2018 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසට ද මෙම ජයග්‍රහණය වාර්තා අතර එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
20
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29