ව්‍යාජ හැඳුනුම්පතක් මඟින් බැංකුවකින් ණය ගත් හිටපු නීතිඥවරිය යළි රිමාන්ඩ්

ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් විරේන්ද්‍ර කනංකෙගේ මහත්මිය ඊයේ (31) නියම කළා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සැකකාර නීතිඥවරිය 1970 වසරේ උපත ලබා ඇතත් ඇය 1972 වසරේ උපත ලබා තිබෙන බව සඳහන් කොට ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකසා කඩවත රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර අවස්ථා කිහිපයකදීම ලක්ෂ ගණනින් ණය ලබා ගෙන ඇතැම් ණය මුදල් ආපසු ගෙවා තිබෙන බවට ද එහිදී සඳහන්.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (3) උප පොලිස් පරීක්ෂක හේමන්ත අධිකරණයට කරුණු දක්වමින් මේ සම්බන්ධව විමර්ශන අවසන් නැති බවත් සැකකාරියගේ ජාතික හැඳුනුම්පත සම්බන්ධව විස්තර වාර්තාවක් ලබාගැනීමට කොළඹ ණය තොරතුරු කාර්යාංශයට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විස්තර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ණය තොරතුරු කාර්යාංශයට නියෝග කරමින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (3) උප පොලිස් පරීක්ෂක හේමන්ත හා පොලිස් කොස්තාපල් බටගල්ල (97529) යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59