ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබාදුන් ආයතනයක් වටලයි

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව කොට්ටාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට අදාළ ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණයන්ත්‍රයක් ආදී උපාංග රාශියක් පොලිස් බාරයට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහි ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අමතරව විවිධ ආකාරයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසීමද මෙම ස්ථානයෙන් සිදුකර තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති රියදුරු බලපත්‍ර එකසිය හැට අටක් සහ මුදලින් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද සොයාගෙන තිබුණා.

මොවුන් විසින් මුද්‍රණය කරනු ලැබූ ව්‍යාජ ලිපි ලේඛන අතර උපාධි සහතික, ආදායම් බලපත්‍ර, උප්පැන්න සහතික, මරණ සහතික, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලින් නිකුත් කරනු ලබන සහතිකපත් ආදී ලිපි ලේඛන බොහෝම‍යක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32