ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
මෙම රැස්වීමේදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කරන ලෙසට රජය මීට පෙර නිවේදනය කර තිබූ අතර එම මෙම නිවේදනයට අනුව ඉල්ලුම් පත් 1500කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බව ද වර්තාවුණා.
මෙම ඉල්ලුම්පත් අතරින් වඩාත් සුදුසුන් තේරීම අද පැවැත්වෙන රැස්වීමේදී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
නව පොලිස්පතිවරයකු පත් කිරීම ගැන අද පැවත්වෙන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කරනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින නමුත් ඒ සදහා නිර්දේශිත නාම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත මේ දක්වා යොමු කර නැති බවට තොරතුරු ලැබෙනවා.
බොහෝවිට දැනට සිටින පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලැබෙනු ඇති බවට විශ්වාස කටයුතු ආරංච් මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
ඔහු සේවා කාලය අවසන් කර විශ්‍රාම යෑමට නියමිතව තිබෙන්නේ හෙටයි.