spot_imgspot_img

වස පානය කර සිසුවෙක් උදේම පාසලට ඇවිත්

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙක් අද (21) උදෑසන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වස පානය කර ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන ප්‍රධාන දමිළ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මෙම සිසුවා අද (21) උදෑසන වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ තම නැඟණියට නිරන්තරයෙන් බැණ වැදිම හේතුවෙන් එය ඉවසාගත නොහැකිව මෙම සිසුවා මෙලෙස වස පානය කර අද උදෑසන පාසලට පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පාසලට පැමිණි සිසුවාගෙන් යම් දුගන්ධයක් වාහනය වන බවට සිසුවාගේ පන්තියේ ළමුන් ගුරුවරුන්ට පැවසීමෙන් පසු මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සිසුවාව වහාම රෝහල වෙත රැගෙන යාමටයි ගුරුවරුන් කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
28
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?