වසර 48ක් පැරණි වාර්තාවක් අලුත් කළ සොනාල් දිනූෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සොනාල් දිනූෂ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම මෙරට සිදු කරන සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී සහ මේ දිනවල කොළඹ SCC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ද ක්‍රීඩා කළ සෑම ඉනිමකදීම ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු වාර්තා කරමින්.

සොනාල් දිනූෂ ගාල්ලේ පැවති ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 100ක් සහ නොදැවී ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම දෙවන ටෙස්ට් තරගයේ දී, අද (25) දිනය නිමාවට පත්වන විට සොනාල් දිනූෂ තරගයේ ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 85ක් රැස්කරමින් නොදැවී පන්දුවට පහරදෙමින් සිටියා.

පසුගිය වසරේ ජුනි 25 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් සොනාල් දිනූෂ, මෙලෙස ඉන්දියාව සමඟ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියකට එක්වුණේ පළමු වතාවටයි.

ඒ අනුව, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩා‍යමට එරෙහිව ක්‍රීඩා කළ මුල් ඉනිම් තුන තුළම අර්ධ ශතක හෝ ඊට වැඩි ඉනිම් දියත් කල ලොව 03 වන පිතිකරුවා බවට පත්වීමට සොනාල් දිනූෂ සමත්ව තිබෙනවා.

මීට පෙර, කොදෙව් ක්‍රීඩක එවර්ටන් වීක්ස් විසින් 1948 දී සහ පාකිස්තානු ක්‍රීඩක සහීර් අබ්බාස් විසින් 1978 දී මෙලෙස ඉන්දියාවට එරෙහි සිය මුල් ඉනිම් තුනේදී ලකුණු 50ට වැඩියෙන් වාර්තා කර තිබූ අතර එම ලැයිස්තුව අද (25) දිනයේ දී එක්වීමට සොනාල් දිනූෂ සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48