ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරන් ධීවරයින් විසින් දියත්කර තිබූ වර්ජනය අවසන් කරමින් අද (26) සිට මසුන් ඇල්ලීමට පිටත්ව ගොස් තිබෙනවා.
රාමේෂ්වරන් ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් විසින් වැඩවර්ජනයේ නිරත ධීවරයින් හමුවී ඔවුන්ගේ ගැටලුව පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරන බවට පොරොන්දුවීමෙන් පසුව රාමේෂ්වරන් ධීවරයින් ඔවුන්ගේ ධීවර කටයුතු යලි අරඹා ඇතැයි ඒරට මාධ්‍ය වාර්ථා කරනවා.
මේ අනුව අද දින රාමේෂ්වරන් ධීවර යාත්‍රා 300 ක් පමණ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවටද වාර්ථා වෙයි.
පසුගියදා යාපනය කච්චතිව් දූපතේ වාර්ෂික දේව මෙහෙයද ඉන්දීය ධීවරයින් විසින් වර්ජනය කර තිබුනේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.






