spot_imgspot_img

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිකවැරටිය තිස්සවගෙදර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙක් බවයි. ඔහු මහගිරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මත්පැන් පානය කර මහ මග නිදා සිටින අවස්ථාවේදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

වන අලි ප්‍රහාරය හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර එය අසල්වැසියෙකු දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදී තිබෙනවා.

නිකවැරටිය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?