වනිඳු හසරංග සම්බන්ධ අද වාර්තා වූ කණගාටුදායක පුවත

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව හ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන විස්ස යි විස්ස තරගාවලියේ ඉදිරි තරග සියල්ල ම වනිඳුට අහිමි වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ම පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගගේ සහාය ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය ම සාධකයක් වන අතර, ඔහුගේ අඩු ව සමඟින් ප්‍රබල ඔස්ට්‍රෙලියානු පිල පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අභියෝගයක් වනු ඇති බව යි විචාරකයින් පවසන්නේ.

වනිඳු හසරංග වෙනුවට අද තරගය සඳහා ජෙෆ්රි වැන්ඩසේ එක්වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !