වනිඳු හසරංගට කොදෙව් දේශයෙන් කැඳවීමක්

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට කැඳවීමක් ලැබී තිබෙනවා.

සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම විසින් වනිඳුව තරගාවලිය සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම නියෝජනය කළ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලින් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ, අනුවයි වනිඳු හසරංග සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට කැඳවා ඇත්තේ.

වනිඳු මීට පෙර තරගාවලිය වෙනුවෙන් සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට තෝරාගෙන තිබූ නමුත් ඔහු ඒ වනවිට ආබාධයකට ලක්ව සිටීමත් සමඟ ඔහුව තරගාවලියෙන් ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය මේ වනවිට සුව අතට පත්වීමත් සමඟයි ශිකන්දර් රාසාගේ ඉවත්වීමෙන් පසු වනිඳුට මෙම කැඳවීම ලැබී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47