වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් – අගමැතිනිය

වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් (SLEAS) සඳහා ඊයේ (17) දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ වතු පාසල් සංවර්ධන වැඩමුළුව සඳහා එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

සිසුන් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමේදී වතු ආශ්‍රිත පාසල් මුහුණ දෙන දුෂ්කරතා සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගනිමින්, වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන සැලසුම් සකස් කිරීම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පවත්වනු ලැබුවා.

වතු ආශ්‍රිත පාසල් සංවර්ධනය කිරීම සඳහා නව ව්‍යාපෘති දියත් කිරීම, ජාතික ක්‍රමෝපාය සහ සැලසුම් දෙපාර්තමේන්තුවේ (NPD) ආකෘතියට අනුව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම, වෘත්තීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය යන කරුණු මුල්කර කර ගත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැමිණ සිටි නිලධාරින් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවුණා.

එම වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ද මෙහිදී විමසීමට ලක් කෙරුණා.

තව ද ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් 34 ක් සඳහා නව පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම, පාසල් 23ක් සඳහා ආරක්ෂක බිත්ති ඉදිකිරීම වැනි වතු පාසල් සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. එමෙන් ම ගුරු හිඟය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ශිෂ්‍ය සුබසාධනය වැනි ක්ෂේත්‍ර සංවර්ධනය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

මෙහිදී වැඩිදුරත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ සෑම ක්ෂේත්‍රයක් තුළ ම මලයගම් ප්‍රජාව, ප්‍රජාවක් ලෙස ඉදිරියට යා යුතු බව රජය විශ්වාස කරන බවයි. එහිදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා විශේෂී වූ කාර්යභාරයක් පැවරෙන බවත් ඒ මහත්මිය සඳහන් කළා ය. එමෙන් ම වතු ආශ්‍රිත ප්‍රදේශවලින් දෙමළ මාධ්‍ය ගුරුවරුන් වැඩි ප්‍රමාණයකින් බඳවා ගැනීමේ සැලැස්මක්ද සම්පාදනය කර ඇති බැවින්, ඒ සඳහා එම ප්‍රදේශ ආශ්‍රිතව ගුරු විද්‍යාල සංවර්ධනය කළ යුතු බවත්, කොටගල ගුරු විද්‍යාලය ගොඩනැඟීම එම කර්තව්‍යයේ මූලික අරමුණක් බවද පැවසුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් වතු ආශ්‍රිත ප්‍රදේශවල සේවය කරන අධ්‍යාපන සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01