වත්තල ගෙයක් ගිනිගනී – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ තෙමහල් නිවසේ දෙවැනි මහලේ පිහිටි කාමරයක් තුළ පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටිය දී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 90ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවස වෙත ගොස් ඇති බව සඳහන්.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17