වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩවම

රජය විසින් දැනට ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබාදීමට තෝරාගත් පිරිස සඳහා ලබාදෙන ආධාර මුදල් ලබාදීමේ නිශ්චිත වකවානුවක් සඳහන් වුවද, විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයින් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට අයත් පිරිස වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදිමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඉහත සඳහන් කාණ්ඩ තුනට අයත් යම් පුදගලයෙකු ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීම සඳහා ද සුදුසුකම් ලබා ඇත්නම් , එම පුද්ගලයාට එම ආධාර ද්විත්වයම ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?