වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩවම

රජය විසින් දැනට ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබාදීමට තෝරාගත් පිරිස සඳහා ලබාදෙන ආධාර මුදල් ලබාදීමේ නිශ්චිත වකවානුවක් සඳහන් වුවද, විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයින් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට අයත් පිරිස වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදිමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඉහත සඳහන් කාණ්ඩ තුනට අයත් යම් පුදගලයෙකු ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීම සඳහා ද සුදුසුකම් ලබා ඇත්නම් , එම පුද්ගලයාට එම ආධාර ද්විත්වයම ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55