ලොහාන් හා බිරිඳ යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ එළඹෙන 18 වැනි දින තෙක්
යළි ‍රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ඒ නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ
පසුගියදා (31) හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව අදාළ නඩුව අද දෙවැනි දිනටත් කැඳවූ අවස්ථාවේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.