ලොහාන් අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (09) පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

බීමතින් රිය පදවා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකිරීම සම්බධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු ලොහාන් රත්වත්තේ පසුගිය 07 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබුණේ.