ලොව පුරා සියල්ලගේ අවධානයට.කොරෝනා වලින් ලංකාවට ගොඩයන්න සුපිරිම ක්‍රමයක්..

ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන සිදු ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉල්ලා සිටියි. එහි ලේකම් තුසිත බාලසුරිය මහතා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම ලිඛිතව කර තිබේ.

ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීම සඳහා කංසා භාවිත කරද්දි ආයුර්වේද මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීම මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන්නැයි ඔහු රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

එය මෙරට ජනතාවගේ සුවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගය මාරාන්තික තත්ත්වය වෙන නිවුමෝනියා තත්ත්වය පාලනය කිරීම සඳහා කංසා යොදාගත හැකි බවත් පර්යේෂණ ගණනාවක් මගින් තහවුරු කර ඇති බවද ලේකම්වරයා කියා සිටී.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොරෝනා එන්නත ලබා ගත් අයට නොමිලේ කංසා බෙදාදීම ද ලේකම්වරයා විසින් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.

  1. කන්සා පානය නිසා වෙන්න ඇති මම දන්න කෙනෙක් කොරොනා හැදුන කෙනෙක් එක්ක දවස් 7ක් එකට ඉදලත් කොරොනා වැලදුනෙ නැත්තෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54