ලොරි රථයක වැන් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් දෙදෙනෙක් රෝහලට

ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් බේරාගැනීමට ඊයේ රාත්‍රි යේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්විය.

කළුතර දෙස සිට කොළඹ දෙසට ලොරි රථය ධාවනයවී තිබූ අතර , අධික වේගයෙන් පිටුපසින් පැමිණි වෑන් රථය කුඩා වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

විශාල හඩක් නගමින් අනතුර සිදුව ඇති අතර , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ස්ථානයට ළගාවී වෑන් රථයේ සිරවී සිටී පුද්ගලයා විනාඩි 30 ක පමණ මෙහෙයුමකින් බේරාගන තිබෙනවා.

ඒ වනවිටත් 1990 සුවසැරිය ස්ථානයට ළගාවී තිබූ අතර ඔවුන්ගේ උපදෙස් අනුව තරුණ පිරිස කටයුතු කරනු ලැබීය.

කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද ස්ථානයට ළඟා වී තිබූ අතර, ඒ වනවිටත් තරුණයින් අනතුරට පත් පුද්ගලයා මුදාගෙන 1990 සුවසැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලදී.

වෑන් රථය අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට අයත් වෑන් රථයක් වන අතර ,සංචාරකයින් රැගෙන ඒම සඳහා ඔවුන් ගුවන් තොටුපළ වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. සිරවී සිටි පුද්ගලයා වෑන් රථයේ රියැදුරු අසුනට අනෙක් පසින් සිටි පුද්ගලයා වේ.

වෑන් රථයේ සිටිවී සිටි පුද්ගලයාගේ දෙපාවලට බරපතල හානි සිදුව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25