Fly high Get bonus Aviator Phone

ලොරි රථයක වැන් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් දෙදෙනෙක් රෝහලට

ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් බේරාගැනීමට ඊයේ රාත්‍රි යේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්විය.

කළුතර දෙස සිට කොළඹ දෙසට ලොරි රථය ධාවනයවී තිබූ අතර , අධික වේගයෙන් පිටුපසින් පැමිණි වෑන් රථය කුඩා වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

විශාල හඩක් නගමින් අනතුර සිදුව ඇති අතර , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ස්ථානයට ළගාවී වෑන් රථයේ සිරවී සිටී පුද්ගලයා විනාඩි 30 ක පමණ මෙහෙයුමකින් බේරාගන තිබෙනවා.

ඒ වනවිටත් 1990 සුවසැරිය ස්ථානයට ළගාවී තිබූ අතර ඔවුන්ගේ උපදෙස් අනුව තරුණ පිරිස කටයුතු කරනු ලැබීය.

කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද ස්ථානයට ළඟා වී තිබූ අතර, ඒ වනවිටත් තරුණයින් අනතුරට පත් පුද්ගලයා මුදාගෙන 1990 සුවසැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලදී.

වෑන් රථය අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට අයත් වෑන් රථයක් වන අතර ,සංචාරකයින් රැගෙන ඒම සඳහා ඔවුන් ගුවන් තොටුපළ වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. සිරවී සිටි පුද්ගලයා වෑන් රථයේ රියැදුරු අසුනට අනෙක් පසින් සිටි පුද්ගලයා වේ.

වෑන් රථයේ සිටිවී සිටි පුද්ගලයාගේ දෙපාවලට බරපතල හානි සිදුව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?