ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තයින්ට දරුණු ප්‍රහාරයක් – 492ක් ජීවිතක්ෂයට

ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 492 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මියගිය අය අතර ළමුන් 35ක් සහ කාන්තාවන් 58ක් සිටින අතර, තවත් 1,645ක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ලෙබනන් බලධාරීන් සඳහන් කළේ වසර 20කට ආසන්න කාලයක් පවතින ගැටුම්වල දී ඊයේ දිනය මාරාන්තික ම ගැටුමේ පැවති දිනයක් බවයි.

මේ අතර 2006 යුද්ධයෙන් පසු හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ගොඩනඟා තිබූ යටිතල පහසුකම් විනාශ කිරීමේ මෙහෙයුමක දී ඉලක්ක 1,300කට පහර දුන් බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ.

එමෙන්ම හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් 200 කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති අතර, වෛද්‍යවරුන් පැවසුවේ රොකට් කැබලිවලට කැඩී යාමෙන් සිදු වූ අනතුරුවලින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

උතුරු ඊශ්‍රායලයේ ජීවත්වන ජනතාව බොහෝ ප්‍රදේශවලින් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17