ලෙබනනයේ දී මියගිය මාතර කතගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට බාධා (වීඩියෝ)

ලෙබනනයේ බීරූට් අගනුවර ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට ගැටළු කිහිපයක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසනවා.

අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට කළ උත්සාහයේ දී එම දේහය නරක් වී ඇති බවයි.

එමෙන්ම එම මෘත දේහය මෙරටට ගේනවා ගැනීමට ගුවන්යානාවල ද ගැටළුවක් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

මෙලෙස මෘත දේහයන් ගෙන්වා ගැනීමට හැකි ගුවන් යානයක් ඇත්තේ සතියකට එක් වතාවක් පමණක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටින බව ද ඔහු සඳහන් අර සිටියා.

මේ අතර මියගිය කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතව ඇති බවත්, මියයන විට ඇයගේ ලියාපදිංචිය අවලංගු වී තිබූ බවයි වාර්තා වුණේ.

ලෙබනනයේ, බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගොස් තිබුණේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 16 වනදා සිදුවූ මෙම අනතුරින් මෙම කාන්තාවගේ හාම්පුතා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47