Empty Ad
AFC Banner
Empty Ad

ලිංගික සම්බන්ධතාවයන් පිළිබද පනත රිවස් කරපු හැටි සජිත් කියයි

කාන්තාවන්ට සහ දැරියන්ට බලපාන ප්‍රබල නීති රැසක් සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් උත්සහ ගනු ලැබුවද විපක්ෂය එයට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් අදාළ පනත ඉවත්කර ගැනීමට සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් එල්ල වුවද තමන් එලෙස කතා කරනුයේ පුද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවයි විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කළේ.

රජය, දැරියන් ලිංගික ක්‍රියාදාමවලදී කටයුතු කිරීමේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කළ බවත් කාන්තාවට අතවර කරනු ලබන පිරිමි පුද්ගලයන් අවුරුදු 22ට අඩු නම් දඩුවම ලිහිල් කිරීමටත් මෙම නව නීති මගින් කටයුතු කර ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කළා.

එමෙන්ම විවිධ අවස්ථාවල අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශ්වයට සිදුවන අතවර යන නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය සුදානම්වූ බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

මේ සම්න්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ නැගි හඬ හේතුවෙන් කාන්තාවන් , දැරියන් කෙලෙසන මෙම නීති රීති ඉල්ලා අස් කර ගත් බවත් මෙය සමස්ත කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) දින ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
11:13
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09

?