spot_imgspot_img

ලැඟුම්හලක් තුළ බාලවයස්කාර නෑනා කෙළෙසූ මස්සිනා සොයා මෙහෙයුමක්

තම බිරිඳගේ නැඟණියවන බාලවයස්කාර පාසල් සිසුවියක් ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

ඊයේ (21) දහවල් කාලයේ හලාවත නගරයේ පවත්වා ගෙන යන ලැඟුම්හලක දී මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිසුවියගේ සහෝදරිය විවාහ වී හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඇයගේ ස්වාමියා සමඟ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් සිසුවිය මෙලෙස ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව සඳහන්.

අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
19
+1
62
+1
16
+1
17
+1
7
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?