spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලැගුම්හලක වසා ඇති කාමරයක්‌ තුළ අවුරුදු 12 ක මළ සිරුරක් සමඟ සිහිසුන් කාන්තාවක්

කෝපායි පොලිස්‌ වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක්‌ දුහඳක්‌ හමන බවට එහි සේවකයෙකු විසින්‌ කෝපායි පොලිසියට කරන ලද දැනුම්‌ දීමක්‌ අනුව කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පසුව එම කාමරයේ එක්‌ ඇඳක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක්‌ තිබී ඇති අතර අනෙක්‌ ඇඳෙහි සිහිසුන්ව කාන්තාවක්‌ සිට ඇති අතර ඇය ගිලන්‌ රථයකින්‌ යාපනය රෝහලට ඇතුලත්‌ කර තිබෙනවා.

මියගිය දැරිය වයස අවුරුදු 12 ක්වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක්

සිද්ධිය සම්බන්ධයෙන්‌ සිදුකළ විමර්ශනයේදී මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවට අනාවරණය වී ඇත. මෙම දෙදෙනා (09) වන දින ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, කාන්තාව විසින්‌ ඉන්සියුලින්‌ එන්නතක්‌ ලබා දී, නිදි පෙති 10 ක්‌ ලබා දී මෙම දැරිය ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය හා පශ්චාත්‌ මරණ පරීක්ෂණය සිදුකර දැරියගේ පියා වෙත භාරදී ඇත.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 63 ක්‌ වන කාන්තාව අත්‌අඩංගුවට ගෙන පොලිස්‌ ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රථිකාර ලබමින්‌
සිටී.

කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
2
+1
2
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?