පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආකාරය වාලචේන කඩදාසි කම්හල හරහා ඔප්පු කළ බැවින් ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට රජයට අයිතියක් නැතැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය
වික්‍රමසිංහ මුලින් කීවේ ලාබ ලබන ආයතන විකුණව කියලද ? මුලින් මුට්ටිය දාගෙන ආවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කියාගෙන. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කීවම මහජනයටත් කොරන්න දෙයක් නැති නිසා අහගෙන ඉන්නවා . හැබැයි දැන් පාඩු ගැන නෙවෙයි කතාව යන්නේ. පාඩු ලබන ඒවා ලාභ ලබන ඒවා බවට පත් කරන්න පුළුවන් . අබලි යකඩ වලට විකුණන්න අමාත්‍ය මණ්ඩල තීන්දු පවා අරගෙන පැත්තකට කරල තිබුණ.
වාලච්චේන කඩදාසි කම්හලේ එක යන්ත්‍රයක් බලගන්වා ලාබ ලබන තත්ත්වයට පත් කරලා පෙන්නුවා යැයිද ඒ මහතා කියා සිටියේය .
මේ වන විට ලොතරැයි පත් මුද්‍රණයට අවශ්‍ය කරන කඩදාසි හදන වාලච්චේන කඩදාසි කම්හලට හෙට අනිදද්දට විභාග ප්‍රශ්න පත්‍රය මුද්‍රණයට ඇණවුම ලැබිල තියෙන්නේ . වාලච්චේන කඩදාසි කම්හලට නම් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තතත්ත්වයට ගෙන එම කජ්ජක් නොවේ යැයිද වීරවංශ ප්‍රකාශ කළේය .
එ් බව කියා සිටියේ පෙරේදා ( 19 ) පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවති කරව් . නැත්නම් පලයව ” මංජන සමුළුව අමතමිනි













