ලක්ෂ 12කට අධික අගයකින් යුත් මත්පැන් ස්ප්‍රීතු තොගයක් සමග අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී කැබ් රියකින් නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි අඹු-සැමි යුවළක් අත් අඩංගුවට ගැනුණා.

ඊයේ (23) රාත්‍රියේ දී දැඩි පරිශ්‍රමයක් යොදා පොලිසිය විසින් අදාළ කැබ් රිය පරීක්ෂා කර රයිගම – මිල්ලගස් හන්දිය ප්‍රදේශයේදියි අත්අඩංගුවට ගැනුණේ.

මෙම සැකකාර යුවළ ඉටිඋර 10ක බහා අදාළ මත්පැන් ස්ප්‍රීතු බෝතල් 450 ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ භාරයට ගත් මත්පැන් ස්ප්‍රීතු බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්න බවයි.

බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියකුට ලද තොරතුරකට අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනුණේ.

සැකකාර යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම මත්පැන් ස්ප්‍රීතු විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳකට ලබාදීම සඳහා පානදුරට ප්‍රවාහනය කරන බවට අනාවරණය වී තිබෙනවා.

සැකකාර යුවළ මත්පැන් පෙරන ස්ථානය සොයා වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර 43 සහ 56 හැවිරිදි මොවුන් දෙදෙනා අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27