ලක්ෂ එකහමාරකට රැකියා අහිමි වෙයි

කොවිඩ් වසංගතයේ ආරම්භය සිදු වූ 2020 වසරේ සිට මේ දක්වා කාලයේ අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවක සේවිකාවන් එක්ලක්ෂ පනස්දාහකට පමණ රැකියා අහිමි වී ඇති බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

වසංගතයට පෙර අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් ලක්ෂ පහක් සේවයේ යෙදී ඇති අතර මේ වන විට සේවයේ නියුතුව ඇත්තේ තුන්ලක්ෂ පනස්දාහක් පමණ බව ඇඟලුම් සංවිධාන ඒකාබද්ධ සංසදයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මෙම කාලයේ කිසිදු සේවකයකුගේ රැකියා අහිමිවීමක් සිදු නොකරන බවට රජය ප්‍රකාශ කර තිබුණද ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ හාම්පුතුන් සේවක වරප්‍රසාද කප්පාදු කරමින් රැකියා අහිමි වීමේ තත්ත්වය දක්වා ගෙන ගොස් තිබෙන බව පොදු සේවා සේවක සංගමය කියයි.

එමෙන්ම හිඟ සේවක පුරප්පාඩු සම්බන්ධව තැකීමක් නොකර පන්ලක්ෂයකින් ලබාගත් සේවය ඉන් අඩකින් ලබා ගන්නා බවද ඇන්ටන් මාකස් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59