spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම ඩිජිටල්කරණයේ තවත් පියවරක් ඉදිරියට

ලංකා ගමනාගමන මණ්ඩලය පුර්ණ ඩිජිටල්කරණයට ලක්‌ කිරීමේ වැඩසටහන යටතේ, මගී ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම හා සුහදශීලී මගී ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් ස්ථාපනය කරන ලද “ 1958 – ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය” ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

ලංකා ගමනාගමන මණ්ඩලය රාජ්‍ය ආයතනයක් ලෙස ආරම්භ කරන ලද වර්ෂය සිහිපත් කරමින් 1958 ලංගම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ස්ථාපනය කරන ලද මෙම තොරතුරු කේන්ද්‍රය මගින් 1958 ක්ෂණික දුරකථන අංකය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිට මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ තොරතුරු, පැමිණිලි, යෝජනා වඩාත් පහසුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය මඟින් බස්රථ සම්බන්ධ පැමිණිලි, බස්රථ කාලසටහන් පිළිබඳ විස්තර, ඇතුළු පහසුකම් රැසක් මගී ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර, දැනට GPS තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන බස්රථ නිරීක්ෂණය ද මෙම මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.

ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට ලංගම බස් රථවල ආසන වෙන් කිරීමේ සේවාව ද මෙම තොරතුරු කේන්ද්‍රය හා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?